News Line| Off Air
Generic placeholder image

Feb
20

ශ්‍රී ලංකා – කොදෙව් පුහුණු එක් දින තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 6 ක ජයක්

779 Views


ශ්‍රී ලංකා – කොදෙව් පුහුණු එක් දින තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 6 ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහි පුහුණූ එක් දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුණා.

තරගය පැවැත්වුනේ කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිඩාංගනයේදියි.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සිය පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණූ 276 ක් ලබාගත්තා.

මිනොද් භානුක ලකුණූ 69 ක රැස්කළැ අතර රමේෂ් මෙන්ඩිස් ලකුණූ 64 ක් රැස් කළා.

කොදෙව් පිල පන්දුවාර 46 යි පන්දු 3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

රොස්ටන් චේස් 136 යි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල හා ශ්‍රී ලංකා පිල අතර එක්දින ක්‍රිකට් තරගමාලාව අනිද්දා ආරම්භ විමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post