News Line| Off Air
Generic placeholder image

Feb
21

20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි

651 Views


20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි

20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව අද ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කාණ්ඩ දෙකක් යටතේ ඊට රටවල් 10 ක් සහභාගී වන අතර, සත්කාරක ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගමාලාවට එක්වන්නේ ‘ඒ’ කාණ්ඩය යටතේයි.

‘බී’ කාණ්ඩය යටතේ දකුණූ අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, පකිස්ථානය සහ තායිලන්තය තරග වැදීමට නියමිතයි.

වත්මන් ලෝක ශුරියන් වන ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නිහිදි අද පළමු තරගය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව නවසිලන්තයට එරෙහිව හෙට පර්ත් හිදි සිය පළමු තරගයට සහභාගී වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post