News Line| Off Air
Generic placeholder image

Feb
21

ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලයෙන්

836 Views


ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලයෙන්

ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යංශය පහසුකම් සළසා තිබෙනවා.

අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන defence.lk වෙත පිවිසීමෙන් ඒවා ලබා ගත හැකියි.

නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට දී තිබූ සහන කාලය පසුගිය 12 වනදායින් අවසන් වුණා.

තවදුරටත් නීති විරෝධීව ගිනි අවි ළග තබාගෙන සිටින්නන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ බුද්ධි අංශ සමග එක්ව වැටලීම් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.

සහන කාල සීමාව තුළ ගිනි අවි භාරදුන් පුද්ගලයන්ට බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මාස 3 ක කාලසීමාවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සියලුම ගිනි අවි බලපත්‍ර සඳහා වලංගු කාලසීමාව මාස 12 ක් වන අතර සෑම වර්ෂයකම දෙසැම්බර් 31 වනදාට පෙර ඒවා අලුත් කරගත යුතු බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post