බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක් හිමිවුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට පිරිනැමු අතර තරගය පැවැත්වුනේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේයි.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 7 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 289 ක්.
ශායි හෝප් 115 ක් ලබා ගත් අතර ඉසුරු උදාන ළකුණු 82 කට කඩුලු 3 ක් බිඳහෙලුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පන්දු 5 ක් පමණක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.
නායක දිමුත් කරුණාරත්න 52 යි. අවිශ්ක ප්‍රනාන්දු 50 යි. කුසල් ජනිත් පෙරේරා 42 යි. වනිඳු හසරංග නොදැවී 42 යි. අල්සාරි ජෝසෆ් ළකුණු 42 කට කඩුලු 3 යි.
දෙරට අතර 2 වන එක්දින තරගය ලබන 26 වනදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.