ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මීට පෙර පනවා තිබූ නීති 67 න් නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇති.
ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද රථවල අලංකරණය සඳහා සවි කරන උපාංග කිහිපයක් මේ අනුව, තහනමින් ඉවත් කිරීමට නියමිත බව සදහන්.
අලංකරණ කටයුතු සිදුකරන ව්‍යාපාර වල පැවැත්ම පිලිබඳව ද අවධානය යොමුකරමින් එම නීති ඉවත් කිරීමට පියවර ගත් බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සදහන් කළා.