News Line| Off Air
Generic placeholder image

Feb
23

පාස්කු ප්‍රහාරය ගැන CID විමර්ශනවල ප්‍රගතිය නිරීක්ෂණයට කාර්ය සාධක බලකායක්

698 Views


පාස්කු ප්‍රහාරය ගැන CID විමර්ශනවල ප්‍රගතිය නිරීක්ෂණයට කාර්ය සාධක බලකායක්

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය නිරීක්ෂණයට ආරක්ෂක අමාත්‍යංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඊට බුද්ධි අංශවල ඉහළම නියෝජිතයන් 6 දෙනෙකු ඇතුළත්.

සතිපතා ආරක්ෂක ලේකම්වරයාට වාර්තාවක් සපයන ලෙසට මෙම කාර්ය සාධක බලකායට උපදෙස් ලැබී ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කර තිබෙනවා.

මෙම ප්‍රහාර මාලාවට ආධාර අනුබල දුන් කිසිවෙකු වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ එක් අපේක්ෂාවක් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post