අද දින විවෘත කෙරෙන මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය හෙට සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළා.
ඒ අනුව පළමු අදියර යටතේ බස් රථ 10 ක් යෙදවීමට සැළසුම් කර ඇති අතර පළමු ගමන් වාරය හෙට පෙරවරු 8.30 ට හම්බන්තොටින් ගමන් ඇරඹීමට නියමිතයි.
මේ අතර මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ, මගීන්ගෙන් අය කරන ගාස්තු ගාස්තු ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව හම්බන්තොට සිට පිටකොටුව දක්වා අධිවේගී මාර්ගයේ බස් රථයකින් මගියෙකුගෙන් අය කෙරෙන මුදල රුපියල් 880 ක් වන අතර තංගල්ල සිට පිටකොටුව දක්වා රුපියල් 680 ක් අය කෙරෙනු ඇති.
හම්බන්තොට සිට මාකුඹුර දක්වා මගියෙකුගෙන් රුපියල් 810 ක් අය කෙරෙන අතර තංගල්ල සිට මාකුඹුර දක්වා රුපියල් 610 ක් අය කෙරෙනවා.