News Line| Off Air
Generic placeholder image

Feb
26

පළාත් දෙකකට අධික උණුසුමක්

551 Views


පළාත් දෙකකට අධික උණුසුමක්

වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “ වැඩි අවධානය“ යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් පෙන්වා දෙන කාලගුණ බලධාරීන් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් ජනතාවට දැනුම් දෙයි.


News Articles
Latest Videos
Most Popular Post