එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අතර කොළඹදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ අනුව සමගි ජන බලවේගය, ලබන මස දෙවනදා කොළඹදී එළිදක්වන බව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.
මෙම මාධ්‍ය හමුවට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ද එක් වූ අතර එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂයේ සහය සමගි ජන බලවේගයට ලබාදීමට තීරණය කර ඇති බවයි.