News Line| Off Air
Generic placeholder image

Feb
26

උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට

741 Views


උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මාර්තු මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ගුවන් හමුදාවට මිග් යානා මිලඳී ගැනීමේදී සිදුවූ ආන්දොලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post