News Line| Off Air
Generic placeholder image

Feb
27

Update – සී.සී.ටී.වී. ගැලවූ සිසුන්ගෙන් 12 කට ඇප

676 Views


Update – සී.සී.ටී.වී. ගැලවූ සිසුන්ගෙන් 12 කට ඇප

කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී. කැමරා බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියට අදාළව විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඊට විරෝධය පළ කරමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවක් ද පැවැත්වුණා.

ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණ අතර
එම හිමිනම සහ තවත් සිසුන් තිදෙනෙක් සිද්ධියට සෘජුවම සම්බන්ධ අතර අනෙක් සිසුන් 12 දෙනා ඊට අනුබල දී ඇති බව පොලීසිය පැවසුවා.

සෙසු 12 දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර හිමිනම ඇතුළු සිව්දෙනා පොදු දේපළ පනත යටතේ හෙට මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post