ඉරානයේ උප ජනාධිපතිවරිය වන Masoumeh Ebtekar හටද නව කොරෝනා වෛරසය වැලදී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී උප ජනාධිපතිවරිය ජනාධිපති හසන් රුහානි සමග එක ලඟ අසුන් ගෙන සිටිය බවට ද එරටින් ලැබෙන වාර්තා වල දැක්වෙනවා.
කොවිඩ් නයින්ටීන් හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය මේ වනවිට ඇන්ටාක්ටික් මහාද්වීපය හැර අනෙකුත් සියලූ මහද්වීප වෙත ව්‍යාප්ත වී ඇති අතර
ලොව පුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 82,170ක්.
වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ද 2804 දක්වා ඉහළ ගොස් ඇති බවනවතම විදෙස් වාර්තා සඳහන් කළා.