හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී 2010 වසරේ සිට වසර 5 ක කාලයක් තුළ රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයක් වටිනා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළවයි.
සැකකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර අද එම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.