News Line| Off Air
Generic placeholder image

Feb
27

කැළණිවැලි නව දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට නව නිවාස ලබාදෙයි

602 Views


කැළණිවැලි නව දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට නව නිවාස ලබාදෙයි

තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ගය හේතුවෙන් නිවාස අහිමිවන ජනතාවට වන්දි වශයෙන් ඔවුන්ට පදිංචි වීම සදහා නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර අද (27) ආරම්භ වුණා.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 70 ක් ලබාදිම වෙනුවෙන් එම නිවාස හිමිකරුවන් වෙත යතුරු සහ ඔප්පු ප්‍රදානය කිරීම අද දින පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.

විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඔප්පු සහ යතුරු ප්‍රදානය කිරීම සිදුවූ අතර එම අවස්ථාවට තදාසන්න දුම්රිය මාර්ග ව්‍යපෘතියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වී තිබෙනවා.

කැළණිවැලි නව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ නව නිවාස ලබාදීමට සුදුසුකම් ලබා ඇති පවුල් ගනන 274 ක්. ඒ සදහා මේ වනවිට නිවාස 354 කින් සමන්විත මහල් නිවාස යෝජනා ක්‍රමයක් මිලදීගෙන තිබෙන අතර එම නිවාස සංකීර්ණයේ නිවාස බෙදාදීම අද දින සිදුකෙරුණා.

යෝජිත කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා ඉදිකිරීමට නියමිතයි.

එම මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා ඉදිවන්නේ ගුවන් මාර්ගයක් වශයෙන්. අඩි 18 ක් උස කුළුණු මත ඉදිවන එම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 22 ක් දිගින් යුක්තයි.

මෙම දුම්රිය මාර්ගය නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමට අවශ්‍ය සමස්ත නිවාස ගණන 1244 ක් වන අතර ඉන් දැනටමත් නිවාස 384 ක් ව්‍යාපෘතිය විසින් මිලදී ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post