News Line| Off Air
Generic placeholder image

Feb
27

විදේශිකයින්ට මක්කම වන්දනාව තාවකාලිකව අත්හිටුවයි

1635 Views


විදේශිකයින්ට මක්කම වන්දනාව තාවකාලිකව අත්හිටුවයි

ආගමික හා වන්දනාමාන කටයුතු සඳහා විදේශිකයින්ට සෞදි අරාබියාවේ මක්කම ඇතුළු ඉස්ලාමීය සිද්ධස්ථාන වෙත පැමිණිමට ලබාදී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවිමට අරාබියානු රජය තීරණය කර තිබෙනවා.

ලොව පුරා රටවල් රැසක නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉස්ලාමිය බැතිමතුන් මිලියන ගණනක් මක්කම මෙදිනා ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරිමට සෞදි අරාබියට පැමිණෙන අතර ලබන ජුනි මස අගදී ඇරඹෙන හජ් වන්දනා සමයට මෙම තාවකාලික තහනමෙන් බලපෑමක් එල්ල වන්නේ ද යන්න පිළිබඳ සෞදි රජය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post