ලොව පුරා ඉතාමත් කැපී පෙනන වේගයකින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2800 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පාකිස්තානය, නෝර්වේ, ජෝර්ජියාව ,රුමේනියාව ,ඩෙන්මාර්කය සහ උතුරු මැසිඩෝනියාව, කොරෝනා ආසාදිතයින් වාර්තා වූ අලුත්ම රාජ්‍යයන් වනවා.
මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනා කොරෝනා වෛරසය වැළදී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාව වෙත යොමු කර තිබෙනවා.
චීනයේ වූහාන් නගරයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පළමුවරට වාර්තා වූ නව කොරෝනා වෛරසය මේ වනවිට ලෝකයේ රටවල් 46 ක ව්‍යාප්ත වී ඇති අතර
ඒ අනුව වාර්තාවී ඇති සමස්ත සිද්ධි සංඛ්‍යාව 81700 ක්.
වෛරසය ආසාදනයෙන් අද වන විට චීනයේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2718ක්.
එමෙන්ම චීනයෙන් පිටත වැඩිම නව කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.
ගතවූ පැය විසිහතරක කාලයේදී පමණක් දකුණු කොරියාවෙන් සිද්ධීන් 334ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1595ක්.
එමෙන්ම කොරෝනා මරණ 12ක් එරටින් වාර්තා වනවා.
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව නැංගූරම්ලා තිබූ ජපානයෙන්ද ආසාදිතයින් 863ක් වාර්තා වන අතර ඊයේ දිනයේද එරටින් නව මරණයක් වාර්තා වී තිබුණා.
කෙසේ නමුත් එම තත්ත්වය සලකා 2020 ඔලිම්පික් උළෙල කල් දැමීමේ අපේක්ෂාවක් නොමැති බව ජපාන රජය අවධාරණය කළා.
මේ අතර යුරෝපයේ වැඩිම නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.
එරටින් සිදුවීම 453ක් වාර්තා වන අතර මරණ 12ක් ද සිදුව තිබෙනවා.
එමෙන්ම මැදපෙරදිග රාජ්‍යයක් වන ඉරානයෙන්ද කොරෝනා ආසාදිතයින් 139 ක් සහ මරණ 20 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මෙම තත්ත්වය සලකා රටපුරා ප්‍රවාහන වාරණයක් පැනවීමට රජය කටයුතු කළා.