News Line| Off Air
Generic placeholder image

Feb
28

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

627 Views


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

එළඹෙන මහ මැතිවරණයේදී තරගවදින ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගය පිහිටුවීමේ නිල උත්සවය ලබන 02 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post