විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවාහක යුවලක් වන මොවුන්ගෙන් පිරිමි පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඔහු 44 හැවිරිදි කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් බවත් සදහන්.
මෙම යුවල අද(29)අළුයම 4.15ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ රුපියල් 24,20,000ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 48,400ක් අඩංගු, දුම්වැටි කාටූන් 242 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගත් බව සදහන්.
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයේ දී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර, අදාල සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 02 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.