News Line| Off Air
Generic placeholder image

Feb
29

අමෙරිකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානය

1295 Views


අමෙරිකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානය

නව කොරෝනා ආසාධිතයන් 3 දෙනකු හමුවීමත් සමග අමෙරිකානු බළධාරීන් කොවිඞ්-19 වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

මෙම රෝගීන් 3 දෙනාම දැනට වෛරසය පැතිර ගොස් ඇති කිසිදු රටක් සමග සබඳතා පවත්වා නොමැතිවීම හේතුවෙන් බළධාරීන්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් වාර්තා පැවසුවා.

කැලිෆෝනියා / ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්තවලින් හමුවූ මෙම තුන්දෙනාත් සමග අමෙරිකාවෙන් සොයාගත් නව කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කටාර් රාජ්‍යය සිය පළමු වෛරස් ආසාධිතයා වාර්තා කල අතර ඉරානය තුළ නව ආසාධිතයන් 205 දෙනෙකු සහ මරණ 9 ක් ගතවූ පැය 24 තුළ සටහන් වී තිබෙනවා.

මේ වනවිට රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකින් නව කොරෝනා වෛරස ආසාධිතයන් 85,691 ක් වාර්තා වන අතර පුද්ගල මරණ සංඛ්‍යාව 2933 ක්.


News Articles
Latest Videos
Most Popular Post