News Line| Off Air
Generic placeholder image

Mar
2

දිවයිනට පැමිණෙන සෑම සංචාරකයෙක්ම විශේෂ සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කිරීම අඛණ්ඩව

762 Views


දිවයිනට පැමිණෙන සෑම සංචාරකයෙක්ම විශේෂ සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කිරීම අඛණ්ඩව

ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකුම ගුවන් තොටුපළ සහ වරායන් හිදී විශේෂ සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.

දැනට නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරගොස් ඇති චීනය / දකුණු කොරියාව සහ ඉතාලියෙන් පැමිණෙන මගීන් පමණක් නොව සෑම ගුවන් මගියෙකුම විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු කෙරෙන බව අයි.ඩී.එච් උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියා.

එහිදී සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන මගීන් පමණක් අයි.ඩී.එච් උණ රෝහල වෙත යොමු කෙරෙන බව ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post