News Line| Off Air
Generic placeholder image

Mar
2

උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

746 Views


උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ලබන 09 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.

අයදුම්පත් භාරගැනීම අද(02) දිනයේ අවසන් වීමට නියමිතව තිබුණා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ විභාග අයදුම්පත් පිරවිම සිදුකළ හැකි අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන සහ නැණසල ආයතන මගින් එම කටයුතු සිදුකිරීමට හැකියාව පවතිනවා.

කෙසේවෙතත් යම් අයදුම්කරුවෙකු හට ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 2 784 208, 011 2 784 537 යන දුරකථන අංකවලට හෝ 011 2 784 422 යන ෆැක්ස් අංකයට ගැටළු පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post