News Line| Off Air
Generic placeholder image

Mar
2

උපාධිධාරීන්ට පත්විම් ලිපි බෙදාහැරීම අවසන් අදියරේ

1386 Views


උපාධිධාරීන්ට පත්විම් ලිපි බෙදාහැරීම අවසන් අදියරේ

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ පවසනවා.

රැකියා අපේක්ෂිතයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු අතර රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් එවා තිබිණ ඉන් 56,000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබුන අතර ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට යොමු කරන ලදී.

උපාධිය හෝ ඩිප්ලෝමා සහතිකය හෝ සහිතව මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සඳහා සුදුසුකම් ලබා ඇත්තේ 42,000කි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් ලැබීමට සළස්වා තිබෙනවා.

ඒ අනුව අද සවස්වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post