News Line| Off Air
Generic placeholder image

Mar
2

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප් අහිමි වන ලකුණු

1093 Views


පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප් අහිමි වන ලකුණු

පාර්ලිමේන්තුවේ නියමිත කාලසීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරනවා.

2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් මෙන්ම පසුව පුරප්පාඩු සඳහා එක්වූ මන්ත්‍රීවරුන්ද මේ අතර සිටින බව සඳහන්.

මෙම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සකසන්නේ මුල්‍ය අංශය බවත් අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරියහොත් හෙට දිනයේ මෙම ලැයිස්තුව නිශ්චිතව දැනගත හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post