News Line| Off Air
Generic placeholder image

Mar
3

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10 මෙන්න

2933 Views


ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10 මෙන්න

ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබෙනවා. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණා.

මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබෙන අතර දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබෙනවා.

පේටන්ට් සංඛ්‍යාව, සන්නාමයේ ශක්තිමත්භාවය, විදේශ ප්‍රවර්ධනය, ප්‍රවර්ධන අයවැය හා නවෝත්පාදනය ඇතුළු කරුණු කිහිපයක් යොදා ගනිමින් මෙම ලැයිස්තුව එළි දක්වා තිබෙනවා.

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10

01 සැම්සුන්ග් – දකුණු කොරියාව

02 හුවාවේ – චීනය

03 ඇපල් – ඇමෙරිකාව

04 ෂියෝමි – චීනය

05 ඔප්පෝ – චීනය

06 හෝනොර් – චීනය

07 විවෝ – චීනය

08 ලෙනෝවෝ – චීනය

09 ටෙක්නෝ – චීනය (හොංකොං)

10 එල්.ජී- දකුණු කොරියාව


News Articles
Latest Videos
Most Popular Post