අද සිට ක්‍රියාත්මක වන පරිදි මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කර තිබෙනවා. අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අද දිනයේ ද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබු බවයි. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසුවා.