News Line| Off Air
Generic placeholder image

Mar
3

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වෙයි

1003 Views


කොරෝනා වෛරසයට ගොදුරු වූ  පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වෙයි

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියේ බ්‍රෙෂියා නුවරින් වාර්තා වී ඇති බව තහවුරු කර තිබෙනවා. 45 හැවිරිදි කාන්තාවක් වන ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඇයට මෙම වෛරසය වැළදී ඇත්තේ ඇය සේවය කරන ස්ථානයේ ඉතාලි ජාතික කාන්තාවගෙන් බවයි පැවසෙන්නේ. ඒ අනුව මේ වන විට රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි එරටින් වාර්තා වන්නේ.

ඉතාලිය තුලද මේ වන විට මෙම වෛරසය වේගයෙන් පැතිර යන තත්වයක් ඇතිව තිබෙන බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post