ඉතාලියේ ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ පමණක් මේ වන විට වෛරසය ආසාධිත රෝගීන් 2502ක් සිටින බව එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කළා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව වයස අවුරුදු 75 ට වඩා වැඩි පුද්ගලයින්ට නිවෙස් තුලටම වී සිටින ලෙස එහි දැක්වෙනවා.
එමෙන්ම එකිනෙකා වැළද ගැනීම, හාදු දීම, අතට අත දීම මාසයක කාලයක් තහනම් කිරීමට ඉතාලි රජය නියෝග කර තිබෙනවා. එමෙන්ම ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසත් පුද්ගලයින් දෙදෙනෙක් අතර පරතරය මීටරයක් ලෙස පවත්වා ගන්නා ලෙසත් නියෝග කර තිබෙනවා.
එමෙන්ම මෙම මාසය තුලදී ඉතාලියේ පවත්වනු ලබන සියලු ක්‍රීඩා තරග සඳහා ප්‍රේක්ෂකයින්ට ඇතුල්වීම තහනම් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.