රුපියල් දෙකෝටි 44 ලක්ෂ 89,480ක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත වෙළඳ සංකීර්ණයේ සේවයේ නිරත දංඕවිට සහ රාගම ප්‍රදේශවල පදිංචි 25 සහ 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව සදහන්.
ඔවුන් මෙම රත්‍රං තොගය ගුවන් තොටුපලේ නීතිවිරෝධී අයුරින් පිට කිරීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 3.103ක් වනවා.