News Line| Off Air
Generic placeholder image

Mar
4

විලියම් සහ කේට් අයර්ලන්තයේ සංචාරයක

756 Views


විලියම් සහ කේට් අයර්ලන්තයේ සංචාරයක

බ්‍රිතාන්‍යයේ විලියම් සහ කේට් රාජකීය යුවල අයර්ලන්තයේ සංචාරයක් සදහා එක්ව සිටිනවා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව රාජකීයයන් අයර්ලන්තයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බව සදහන්.

එමෙන්ම යුවළ ඩබ්ලින් අගනුවර පිහිටි සියවස් ගණනාවක ඉතිහාසයක් ඇති, ගිනස් නම් ප්‍රකට ස්කාගාරයේ සංචාරයක් සදහා ද එක්ව තිබෙනවා.

රාජකීයයන් එක්වූ මෙම විශේෂ අවස්ථාව සංවිධානය කර තිබුණේ අයර්ලන්තයේ බ්‍රිතාන්‍ය තානාපති රොබින් බාර්නෙට් විසින්.

උත්සව අවස්ථාවේදී කෙටි අදහස් දැක්වීමක් සදහා එක්වූ විලියම් කුමරු, ලොව පුරා ශීග්‍රෙයන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ආසාදනය සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා.

විලියම්, කේට් රාජකීය යුවළ අයර්ලන්තය වෙත පැමිණියේ තෙදින නිල සංචාරයක් සඳහායි.

කුමරුන්ගේ මිත්තණිය වන දෙවැනි එලිසබත් මහා රාජිණිය කිරුළු දැරීමෙන් පසුව එනම් 50 දශකයේදී අයර්ලන්තයේ කළ පළමු සංචාරයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීයයන් එහි සංචාරයක් සදහා එක්වූ පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post