News Line| Off Air
Generic placeholder image

Mar
5

අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයකට රු.1000 බඩු මල්ල රු.500 ට

1968 Views


අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයකට රු.1000 බඩු මල්ල රු.500 ට

තෝරාගත් අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයක් සඳහා වටිනාමක රුපියල් 1,007ක් පමණ වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 500ක මුදලකට මාසිකව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ප්‍රතිලාභ සඳහා ආබාධිත පුද්ගලයන්, වැන්දඹුවන්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධවලින් පීඩා විඳින්නන්ද ඇතුළත් බව සදහන්.

ඒ අනුව තේ කොළ, නාඩු සහල්, පිටි (සාමාන්‍ය), පරිප්පු සහ කරවල/හාල් මැස්සන්/දේශීය වශයෙන් නිෂ්පාදිත සැමන් යන ආහාර වර්ගයන් ඇතුළත් මෙම ආහාර මල්ල ලංකා සතොස සමුපකාර වෙළෙඳ සැල් සහ ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් බලයලත් වෙළෙඳ සැල් ජාලයක් හරහා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post