කොවිඩ් – 19 හෙවත් නව කොරෝන වෛරසය සදහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරන එන්නත මානව අත්හදා බැලීම ලබන මාසයේදී සිදු කරනු ලබන බව වාර්තා වෙනවා. ඒ අනුව එම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක් සහ ඇමෙරිකාවේ ඖෂධ සමාගමක් විසින්ය.
මිට පෙර මෙම ප්‍රතිශක්තිකරණ එන්නත සතුන් සදහා අත්හදා බැලීමට ඉකුත් මාසයේදී පියවර ගෙන තිබුණා. ඒ අනුව මෙම ප්‍රතිශක්තිකරන එන්නත පළමු වරට ලබන මාසයේදී මිනිසුන් උදෙසා අත්හදා බැලීමට සුදානමින් සිටින බව බලධාරීන් සදහන් කරනවා.