රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරින් පුහුණු කිරීම නවත්වන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම්දීම පදනම් විරහිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මැතිවරණ කොමිසමේ සභාපති විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව අත්හිටුවීම ගැන කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් විසමු ප්‍රශ්නයකට පිළතුරු දුන් ජනාධිපතිවරයා මෙසේ පැවසුවා.
“රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම මගේ ජනාධිපතිවරණ ප්‍රතිඥාවක්. එතැන දේශපාලනයක් නැහැ.සුදුසුකම් ඇති සියලුදෙනා රැකියාලාභීන් ලෙස තෝරාගත්තා.දැනට සැලසුම් කර ඇත්තේ ඔවුන් පුහුණු කිරීම. රැකියාවක් කරන්න පුහුණුවක් අවශ්‍යයි. එබැවින් මේ ගැටලුව නිරාකරණය සඳහා මැතිවරණ කොමිසම සමඟ සාකච්ජා කරනවා”