උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනීමේ වැඩසටහන යටතේ උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මැතිවරණය නිමවන තෙක් අත්හිටුවීමට මැතිවරණ කොම්ෂන් සභාව තීරණය කර තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ලබාදෙන පුහුණුව නවතා දමන ලෙස මැතිවරණ කොමිෂම දුන් නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.
මෙම වැඩසටහන යටතේ උපාධිධාරීන් 45585කට පත්වීම් ලබාදුන් අතර එම පත්වීම් මාර්තු 01 දා සිට ක්‍රියාත්මක වූ අතර මෙම පත්වීම් ලබාදුන්නේ මැතිවරණ ප්‍රකාශ කිරීමට පෙර බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.