ආපන ශාලා වලින් තේ පානය කිරීමේදී භාවිතා කරන තේ කොළ පිලිබද සැකයක් පවතීනම් පාරිභෝගිකයාට ඒ පිලිබද විමසීමක් කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොළඹ කොටුව වැඩබලන ප‍්‍රධාන ආහාර පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී ලාල් කුමාර මහතා සදහන් කළේ කොළඹදී කසළ තේ තොගයක් පසුගියදා අත්අඩංගුවට ගත් බවයි.
පසුගියදා කසළ තේ කිලෝ තුන්දහසක් අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ කොටුව පොලිසිය විසින්.
ඔවුන්ට රුපියල් 20,000 ක දඩමුදලක් නියම කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේ.
කොළඹ නගරයේ පවත්වාගෙන යන ආපන ශාලා පරීක්ෂා කිරීමේ කටයුතුව දැඩි කර තිබෙනවා.
පසුගිය දින කිහිපයේ රාත‍්‍රියේ පවත්වාගෙන යන ආපදා ශාලා රැසක් පරීක්ෂා කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේ.
එහිදී ගාලුමුවදොර පිටියේ පවත්වාගෙන යන ආපන ශාලා සහ බැස්ටියන් මාවත බස්නැවතුම් පළේ පවත්වාගෙන යන ආපන ශාලා පරීක්ෂා කර තිබෙනවා.
එහිදී අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය අපන ශාලාවලට එරෙහිව නඩු පැවරූ බවයි කොළඹ කොටුව වැඩබලන ප‍්‍රධාන ආහාර පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී ලාල් කුමාර මහතා ප‍්‍රකාශ කළේ.