News Line| Off Air
Generic placeholder image

Mar
6

CID නිළධාරීන් බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගැනීමට තැත් කළ 04 ක් අත්අඩංගුවට

614 Views


CID නිළධාරීන් බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගැනීමට තැත් කළ 04 ක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බව හගවා කාන්තාවකගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කල සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සිදු කල විමර්ශනයකදීයි.

සැකකරුවන් යක්කල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුරකථනයෙන් අමතා ඇයට පාතාල සාමාජිකයින්ගෙන් තර්ජන ඇති බවට පවසා තිබෙනවා.

ඇයට දැනුම් දී ඇත්තේ ඉන් බේරා ගැනීම සදහා රුපිියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය බවයි.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලට අනුව සිදු කල විමර්ශන වලදී සැකකරුවන් 04 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය අතරට කාන්තාවක් ද ඇතුළත්.

සැකකරුවන් ගම්පහ අත්තනගල්ල හා බලංගොඩ යන ප‍්‍රදේශ වල පදිංචි පුද්ගලයින්.


News Articles
Latest Videos
Most Popular Post