News Line| Off Air
Generic placeholder image

Mar
6

කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්

764 Views


කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්

කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායට දැනුම් දී තිබෙනවා.

කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියා.

මෙම සාකච්ඡාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post