News Line| Off Air
Generic placeholder image

Mar
6

සමගි ජන බලවේගයේ ලකුණ දුරකථනය – සරත් ෆොන්සේකා

730 Views


සමගි ජන බලවේගයේ ලකුණ දුරකථනය – සරත් ෆොන්සේකා

අද වන විට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති බවත් එම පක්ෂයේ නායකයා විසින් හුදෙකලාව වෙනම ගමනක් යන්නට උත්සහ දරණ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නැමති පක්ෂයේ ලකුණ දුරකථනය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post