තමන් රැඳී සිටි ස්ථාන සහ ගමන් තොරතුරු ලබා නොදෙන නව කොරෝනා වෛරස් ආසාදිතයින් සිරගත කිරීමට සහ ඔවුන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට සිංගප්පූරුව තීරණය කර තිබෙනවා.
රට තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බව බලධාරීන් පැවසුවා.
සිංගප්පූරුවේදී කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වූ චීන ජාතික යුවළක් සාවද්‍ය තොරතුරු ලබාදුන් බවට මේ වනවිටත් චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙපළ එම චෝදනා යටතේ වරදකරුවන් වුවහොත් ඔවුන්ට මාස 06 ක සිරදඬුවමක් සහ සිංගප්පූරු ඩොලර් 10,000 ක දඩ මුදලක් ද පැනවෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.