News Line| Off Air
Generic placeholder image

Mar
7

නීතිවිරෝධීව වල්ලපට්ටා තෙල් ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

609 Views


නීතිවිරෝධීව වල්ලපට්ටා තෙල් ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

වල්ලපට්ටා තෙල් බවට පත් කර ඒවා නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවා.

මොහු 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව සදහන්.

ඔහු වල්ලපට්ටා කැබලි ලෙස රැගෙන යෑම වෙනුවට ඒවා තෙල් වශයෙන් සකස් කර එම තෙල් බෝතල් 04 කට අසුරා ගෙන සිය ගමන් මල්ලේ එම බෝතල් සගවා ගෙන ගොස් තිබෙනවා.

එහි රුපියල් ලක්ෂ 10 ක් වටිනා වල්ලපට්ටා තෙල් ග්රැම් 625 ක් තිබූ බව රේගුව සදහන් කළා.

මොහු මෙම වල්ලපට්ටා තෙල් තොගය ද සමග ඩුබායි බලා පිටත්ව යන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයේ දී මෙම වල්ලපට්ටා තෙල් තොගය රාජසන්තක කර මෙම ගුවන් මගියාට රුපියල් ලක්ෂ 02 දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post