කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යෑම හේතුවෙන් ඉතාලියේ මිලියන 10ක පිරිසක් අනිවාර්ය නිරෝධායනයකට ලක් කරන බව එරට රජය ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉතාලියේ ලොම්බාඩි කලාපය ඇතුළු එරට පළාත් 11 ක වෙසෙන මිලියන 10 ක පුද්ගලයින් මෙලෙස නිරෝධායනයකට ලක් කිරීමට පැවසෙන්නේ.
එම පළාත්වල තිබෙන ජනතාව වැඩි වශයෙන් ගැවෙසන පොදු ස්ථාන වසා දැමීමටද ඉතාලි බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 දී ඉතාලියෙන් කොරෝනා මරණ 36 ක් වාර්තා වී තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 233 ක්.