නව කොරෝනා ආසාදනයෙන් පිඩාවට පත්ව සිටින චීනයට සහනය සහය පල කරමින් කොළඹ දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසක් යොමුකළ ලිපියට චීන ජනපති ආර්යා පෙංග් ලියුආන් මහත්මිය පිළිතුරු ලිපියක් ඒවා තිබෙනවා. චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් සදහන් කරන්නේ චීන ජනාධිපති ෂී ජින් පිං සහ ජනාධිපති ආර්යාවගේ ඇගයීම් හා සුබ පැතුම් පණිවුඩය මෙහිදි හූ වෙයි මහතා විසින් විදුහලේ සිසුන්ට ඉදිරිපත් කළ බවයි.
එම ලිපියේ වැඩි දුරටත් සදහන් වන්නේ “ඔබේ හද උණුසුම් කරන ලිපි සහ සිතුවම් ශ්‍රී ලාංකික ජනතාවගේ ගැඹුරු මිත්‍රත්වය නියෝජනය කරන බවත් ජනාධිපති ආර්යා ලිපියේ සඳහන් කර ඇති ආකාරයටම, ඔබ සෑම මිනිත්තුවකම දැඩි ලෙස මහන්සි අධ්‍යයනය කර ඔබ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ තරුණ නියෝජිතයන් බවට පත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙන්ය.





