දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණි 181 ක් දෙනෙක් මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව වාර්තා වෙනවා.
එමෙන්ම මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.