News Line| Off Air
Generic placeholder image

Mar
10

පෑලියගොඩ ඇතුළු අවට ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

710 Views


පෑලියගොඩ ඇතුළු අවට ප්‍රදේශ  රැසකට පැය 24ක ජල කප්පාදුවක්

පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා – ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයසහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට අද පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත් හිටවනු බව එම මණ්ඩලය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post