චීනයේ ජනාධිපති ෂි ජිං පින්ග් අද නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වුහාන් නගරයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
එමෙන්ම ෂි ජින් පින්ග් වුහාන් හි කොරෝනා වෛරස ආසාදිතයින් රැඳී සිටින රෝහල් වෙත යාමට නියමිත බවත් වාර්තා වන අතර ක්‍රමයෙන් චීනයේ වුහාන් නගරයේ වෛරසය ව්‍යප්ත මට්ටම අඩු වී ඇති බව පැවසෙනවා.