News Line| Off Air
Generic placeholder image

Mar
10

ඉරානයේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යයි

1155 Views


ඉරානයේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යයි

දිනක් තුළ ඉරානයෙන් වැඩිම නව කොරෝනා වෛරස ආසාධිතයන් සංඛ්‍යාව අද සටහන් වී තිබෙනවා.

ගතවූ පැය 24 තුළ එරටින් පුද්ගල මරණ 54 ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 291 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කොරෝනා වෛරස ආසාධිතයන් සංඛ්‍යාව 8042 ක්.

මේ අතර ඉතාලියේ සිට පැමිණෙන කිසිදු අයෙකුට තම රටට ඇතුලුවීමට ඉඩ නොදීමට යාබද රටක් වන ඔස්ටීරයාව අද තීරණය කලා.

ඉතාලියට සිදු කෙරෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමටද බ්‍රිතාන්‍ය ගුවන් සේවය තීරණය කර ඇති බව සදහන්.

නව කොරෝනා වෛරසය හමුවේ ප්‍රංශයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව එරට වාර්තා සඳහන් කළා.

මේ අතර නව කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ප්‍රචාරය වූ ව්‍යාජ මත්පැන් විශේෂයක් පානය කිරීමෙන් ඉරානයේ පුද්ගලයන් 36 දෙනෙකු මිය ගිය පුවතක්ද අද වාර්තා වුණා.

තවත් 240 කට ආසන්න පිරිසක් රෝහල් ගත කෙරුණු බවද සඳහන්. අද වනවිට වාර්තාවන නව කොරෝනා මරණ සංඛ්‍යාව 4085 ක්.

ආසාධිතයන් ගණන එක් ලක්ෂ 15 දහස් 760 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post