News Line| Off Air
Generic placeholder image

Mar
10

නිරෝධායනය කරන අයගෙන් රු 7500ක් අය කිරිමක්? – සමාජ මාධ්‍යයෙන් විරෝධය

776 Views


නිරෝධායනය කරන අයගෙන් රු 7500ක් අය කිරිමක්? –   සමාජ මාධ්‍යයෙන් විරෝධය

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට යොමුකිරිමට රජය මේ වන විටත් කටයුතු කර තිබෙනවා.

මෙසේ නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස රුපියල් 7500ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා. එම පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කරන අතර දිනකට ආහාර වේල් තුන බැගින් ලබාදිමට මෙම මුදල අය කරයි.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනෙකු පවසන්නේ ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන විදෙස් ශ්‍රමිකයන්ගෙන් මේ ආකාරයෙන් මුදල් අය කිරීම සාධාරණ නොවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post