News Line| Off Air
Generic placeholder image

Mar
11

ආරුමුගන් තොණ්ඩමන් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

557 Views


ආරුමුගන් තොණ්ඩමන් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට

එළඹෙන මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වී මහ මැතිවරණය සදහා තරග කිරිමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඉදිරියේ ආරුමුගන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය අත්සන් කල අතර, එම නාම යෝජනා පත්‍රය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් භාර ගනු ලැබුවා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අමාත්‍යය ආරමුගන් තොණ්ඩමන් මහතා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට නියමිතයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආරුමුගන් තොණ්ඩමන් මහතාත්, එම පක්ෂයේ භාණ්ඩාගාරික මරදපාණ්ඩි රමේෂවරන් සහ එම පක්ෂයේ තවත් ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයෙක් තරග කිරිමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post