News Line| Off Air
Generic placeholder image

Mar
11

දීපිකාටත් කොරෝනා බියක්

922 Views


දීපිකාටත් කොරෝනා බියක්

ප‍්‍රංශයේ සුප‍්‍රකට ඇදුම් විලාසිතා ආයතනයක් වන Louis Vuitton ආයතනය විසින් පවත්වනු ලබන ඉහළම පෙලේ ඇදුම් විලාසිතා ප‍්‍රදර්ශනයට සහභාගි වීමට සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට ඇරයුම් කර තිබෙනවා.

ඒ ඔවුන්ගේ අලුත්ම ඇදුම් ඉදිරිපත් කරන නිරූපණ ශිල්පිනියක් ලෙස පෙනී සිටින ලෙසයි.

මෙම ප‍්‍රදර්ශනය මාර්තු 03 වනදා සිට සතියක් ප‍්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණා.

එහෙත් මේ දින වල සීඝ‍්‍රයෙන් පැතිර යන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇය මේ සදහා සහභාගි නොවන බවත් ඇය මෙයට සහභාගි වීමට ඉතා කැමැත්තෙන් සිටි බැවින් ඒ පිලිබද දැඩි කණගාටුවට පත්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post