පිටකොටුව පළමු හරස් වීථියේ විදුලි උපකරණ අලෙවි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
සිව්මහල් ගොඩනැගිල්ලක් වන මෙහි පළමු මහලේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, ඒ සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ හයක් යොදවා තිබෙනවා.