News Line| Off Air
Generic placeholder image

Mar
11

කොරෝනා වැළදී මියගිය සැමියාගේ දේහය සමග නිවසේ ජිවත් වන කාන්තාව

16815 Views


කොරෝනා වැළදී මියගිය සැමියාගේ දේහය සමග නිවසේ ජිවත් වන කාන්තාව

කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ දේහයත් සමග ජිවත්වන කාන්තාවක් ගැන පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා.

නිරෝධාන ක්‍රියාවලිය හේතුවෙන් එම දේහය මේ දක්වා ඉවත් කිරිමට හැකියාවක් නොමැති වී ඇති බව මෙම සිදුවීම වාර්තා වන ඉතාලියේ, Borghetto Santo Spirito ප්‍රදේශයේ නගරාධිපතිවරයා කියා සිටියා.

කොරෝනා වෛරසය ආසාධනය වූ මෙම පුද්ගලයා රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු තමන් ජිවත් වන මහල් නිවසේම සිය බිරිඳ සමග ජිවත්ව සිට තිබෙනවා.

කෙසේ හෝ කොරෝනා වෛරසය වැලදී සිටි ස්වාමි පුරුෂයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් නගරයේ සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දී ඇති බවත් ස්වාමි පුරුෂයා මියගිය ශෝකයෙන් පසුවන එම කාන්තාව සැනසීමට හෝ ඇයගේ ආසන්නයට යාමට අසල්වැසියන්ට හෝ ඔවුන්ගේ ඥාතින්ට මේ දක්වා හැකියාවක් ලැබී නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පවතින නීති හේතුවෙන් මේ දක්වා පැය ගණනාවක් එම කාන්තාවට සිය ස්වාමිපුරුෂයාගේ දේහය නිවසින් ඉවතට ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි ඉතාලි මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post